ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ
එක්ව නැඟී සිටිමු

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණට සාදරයෙන් පිළිගනිමු

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා එක්ව කටයුතු කරමු

2001 දී පිහිටුවන ලද, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) ශාරීරික ආබාධ, ශ්‍රවණාබාධ, දෘෂ්‍යාබාධ, බුද්ධීමය ඌණතා සහ මනෝ සාමාජයීය ආබාධ යන සියලුම ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරමින් උතුරු සහ නැගෙනහිර ඇතුළුව රට පුරා විසිරී සිටින සාමාජික සංවිධාන 36කින් සමන්විත ඒකඡත්ත්‍ර සංවිධානයක් වේ. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරන සංවිධානයක් (DPO) ලෙස ලියාපදිංචි වී ඇත. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටී. එසේම සාමාජික සංවිධාන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම අරමුණු කරගනිමින් ආබාධ සහිත තැනැත්තන්ට නිදහස් සහ සාධාරණත්වයෙන් යුතු අභිමානවත් ජීවිතයක් සහතික කිරීම සඳහා කටයුතු කරනු ලබයි.

නව තොරතුරු

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය සැමරුම - 2022

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය වාර්ෂිකව සමරනු ලබන්නේ සෑම අවුරුද්දකම දෙසැම්බර් මස 03 වැනි දිනයි. ඊට සමගාමීව වර්ෂ 2022 වූ දෙසැම්බර් 21 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය ඉමහත් හරසරින් හා අර්ථවත්ව සමරනු ලැබීය. එහි තේමා පාඨය වූයේ "අපේ කතාව" යන්නයි.

Our Partners and Donors

Caring Hearts

You’ll Feel
at Home

Curabitur aliquet quam.

orem ipsum dolor sit amet conse ctetur adip iscing elit.

Curabitur aliquet quam.

Curabitur aliquet quam.

Home

Request a Call Back

We can call you back

Pellen tesque in ipsum id orci porta dapibus curabitur non nulla sit amet nisl tempus convallis quis ac lectus.




    branches

    japan

    england

    Emergency Call

    In case of urgent, feel free to ask questions.

    Not readable? Change text. captcha txt
    සිංහල