ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ. 

අපගේ කර්තව්‍යයන්

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම

    • ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ වැඩි දියුණු කිරීම.
    • ජාතික මට්ටමේ ප්‍රතිපත්ති, සංවාද හා ප්‍රතිපත්ති සම්පාදිතයන් ලොබි සහ උද්දේශනය කිරීම් තුළින් ආබාධ සහිත තැනැත්තන්ට හිතකර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට මැදිහත් වීම.
    • ආබාධ සහිත තැනැත්තන්ගේ සමාජ තත්ත්වය සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කිරීම.
    • ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණට අයත් ( DOJF ) සාමාජික සංවිධානවල ධාරිතා සංවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම.
    • ආබාධ සහිත තැනැත්තන්ට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන ආර්ථික හා සාමාජීය අවස්ථාවන් සඳහා පෙනී සිටීම.
    • ආයතනික මෙහෙයුම් කටයුතු ප්‍රජාතන්ත්‍රවාදීව සහ විනිවිදභාවය ප්‍රවර්ධනය වන අයුරින් සංවිධානයේ ශක්‍යතා වර්ධනය කිරීම තුළින් සාමාජික සංවිධාන ශක්තිමත් කිරීමට සහාය වීම.
    • ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රමිතීන්ට අනුව සෑම අංශයකටම ආබාධ සහිත ළමුන් සහ ආබාධ සහිත කාන්තාවන් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීම.
    • ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන සිදුවීම් සහ තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සහ ඔවුනට අවශ්‍ය පරිදි එම සිදුවීම් සහ තත්ත්වයන් නිරාකරණය කරදීමට මැදිහත් වීම.
    • ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර සංවිධාන මට්ටමේ ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන (DPO) සහ සිවිල් සංවිධාන(CSO) සමඟ ජාලගත වීම සඳහා අවශ්‍ය අවස්ථාවන් ගවේශනය කිරීම.
gallery-home-dojf-6

ප්‍රධාන ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘතීන්

  • බලධාරීන්, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නියුතු පුද්ගලයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම.
  • ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත නිතීගත කිරීම සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UNCRPD) අපරානුමත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
  • ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ (DOJF) සාමාජික සංවිධානවල ධාරිතාව වැඩි දියුණු කිරීම තුළින් ආබාධ සහිත තැනැත්තන් සඳහා බලපාන නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති බලාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වන නිර්ණායක වැඩි දියුණු කිරීම.
  • ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණට(DOJF) අයත් සාමාජික සංවිධානවල ප්‍රජාත්‍රන්තවාදී භාවිතයන් සහ උද්දේශන හැකියාවන් වර්ධනය කිරීම.
  • ආබාධ සහිත තැනැත්තන් සඳහා (PWD) අවශ්‍ය අධ්‍යාපන සහ පුහුණු අවස්ථාවන් හඳුනා ගැනීම, වර්ධනය කිරීම.
  • ශ්‍රව්‍යාබාධ සහිත සහ බිහිරි තැනැත්තන්ගේ සන්වේදන ගැටලුවලට පිළියමක් වශයෙන් ඔවුනට අවශ්‍ය සංඥා භාෂා පරිවර්තන සේවාවන් සැපයීම.
4

මෑත කාලීන ක්‍රියාකාරකම්

  • ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට (UNCRPD) අයත් මූලධර්ම, සම්මතයන් සහ ප්‍රවේශ පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් රාජ්‍ය අංශය, සිවිල් සමාජය සහ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා මුද්‍රිත හා විද්‍යූත් මාධ්‍යය හරහා සාකච්ඡා පැවැත්වීම.
  • ආබාධ සහිත තැනැත්තන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය භෞතික ප්‍රවේශ විගණනයන් සිදු කිරීම.
  • ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කිරීම සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ (UNCRPD) විකල්ප වාර්තාව (Protocol) අනුමත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලොබි සහ උද්දේශනය කිරීම.
  • ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති නිර්වචන සහ වර්ගීකරණයන් සඳහා ප්‍රමීතීන් ඉදිරිපත් කිරීම.
  • ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් කඩවීම් සහ ඊට අදාළ සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි නිරීක්ෂණ කමිටු පිහිටුවීම සහ ඔවුන්ට අවශ්‍ය න්‍යායාත්මක දැනුම සහ පුහුණු කිරීම් සිදු කිරීම.
  • අත හිත ද්වි වාර්ෂික සඟරාව ප්‍රකාශයට පත්කිරීම සහ මහජන පුස්තකාල, පාසල්, විශේෂ පාසල්, රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල අතර බෙදාහැරීම සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ඇතුළත් ග්‍රන්ත සම්පාදනය කිරීම.
  • ප්‍රධාන ධාරාවේ සංවර්ධන ක්‍රියාවලියට ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් කිරීම සඳහා ඇති විය යුතු ප්‍රතිපත්තිමය වෙනස්වීම් පිළිබඳ ඉහළ තලයේ දේශපාලඥයින්, තීරණ ගැනීමේ නියුතු රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සන්නිවේදනය කිරීම.
Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල