ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ. 

නව තොරතුරු

එක්ව නැඟී සිටිමු 

දැනුම් දීමයි

The Disability Organizations Joint Front  is hereby inform that Vijayaratna Muthyansalage Nalinda Nagolla (782745417V) who worked as a Project Manager is  no more with our Organization effect from 22.06.2023.Therefore, our organization will not be responsible for any activities undertake by this person and we humbly request all the National and International Organizations who have established […]

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය සැමරුම - 2022

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය වාර්ෂිකව සමරනු ලබන්නේ සෑම අවුරුද්දකම දෙසැම්බර් මස 03 වැනි දිනයි. ඊට සමගාමීව වර්ෂ 2022 වූ දෙසැම්බර් 21 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය ඉමහත් හරසරින් හා අර්ථවත්ව සමරනු ලැබීය. එහි තේමා පාඨය වූයේ "අපේ කතාව" යන්නයි.

ශ්‍රී ලංකාවේ අන්තර්කරණයෙන් යුත් මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ඒකාබද්ධ පෙරමුණ විසින් රචිත මැතිවරණ අන්තර්කරණයේ අතුරු කතා නම් කෘතිය එළිදැක්වීම.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සහ අන්තර්කරණය පිළිබඳ සංවාදය සහ ඒකාබද්ධ පෙරමුණ විසින් රචිත මැතිවරණ අන්තර්කරණය හා සබැඳි කෘතිය ජනගත කිරීම සහ වාර්තා වීඩියෝපටය එළිදැක්වීමේ වැඩසටහන 2022 නොවැම්බර් මස 24 වන දින බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පවත්වන ලදී.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් පිළිබඳ පනත් කෙටුම්පත සහ සංඥා භාෂා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත කරවීමේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරලීමේ සහ ආබාධ සහිත තැනැත්තන්ගේ ගැටලූන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවේදීකරලීමේ වැඩසටහන

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ,NDI සහ MyRight ආයතනයන්හි සහය ලබමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් පිළිබඳ පනත් කෙටුම්පත සහ සංඥා භාෂා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත කරවීමේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරලීමේ සහ ආබාධ සහිත තැනැත්තන්ගේ ගැටලූන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවේදීකරලීමේ වැඩසටහන වර්ෂ 2022 සැප්තැම්බර් මස 08වන දින බත්තරමුල්ල මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වන ලදි.

Make a Head topic

ආබාධ සහිත පුද්ගලයන්ගේ කටයුතු සනහා මැතිවරණ අන්තර්කෙන්ද්රීය කමිටුවක් මැතිවරණ කොමිෂන සභාව තුළ ස්ථාපනය කරන ලෙසත් ඊට සමගාමිව දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ අන්තර්කෙන්ද්රීය කමිටු ස්ථපනය කරන ලෙසත් යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලද ලිපිය ට ප්‍රතිචාර වශයෙන්

ආබාධ සහිත තැනැත්තන් සඳහා කෙන්ද්‍රීය මධ්‍යස්ථානයක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 33 වැනි වගන්තිය ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයකම ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා කේන්ද්‍රීය මධ්‍යස්ථානයන් පිහිට විය යුතුය. එය යථාර්තවත් කරමින් 2021 සැප්තැම්බර් සම 23 දිනට යෙදී ඇති ''ජාත්‍යන්තර සංඥා භාෂා දිනයට'' සමගාමීව, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ "ආබාධිත පුද්ගලයින් සඳහා මාධ්‍ය සේවා සැපයීමට කේන්ද්‍රීය මධ්‍යස්ථානය" ආරම්භ කරන ලදි.

Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල