ආබාධ සහිත පුද්ගලයන්ගේ කටයුතු සනහා මැතිවරණ අන්තර්කෙන්ද්රීය කමිටුවක් මැතිවරණ කොමිෂන සභාව තුළ ස්ථාපනය කරන ලෙසත් ඊට සමගාමිව දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ අන්තර්කෙන්ද්රීය කමිටු ස්ථපනය කරන ලෙසත් යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලද ලිපිය ට ප්‍රතිචාර වශයෙන් ඒකාබද්ධ පෙරමුණ සමඟ ඉහත කිඑඑ යෝජනා පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා වර්ෂ 2022 අගෝස්තු මස 08 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒකාබද්ධ පෙරමුණට අවස්ථාව ලබා දෙන ලදී. මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමන් ඇතුළු සියලුම සාමාජිකයින් සහභාගී වුහ. එසේම මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමන්, ආබාධ සහිත පුද්ගලයන්ගේ මැතිවරණ කටයුතු පිලිබඳ කටයුතු කරන සහකාර මැතිවරණ කොමසරිස්තුමන්ද සහභාගී වුහ. ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් සභාපති නිහාල් පරණගම මහතා, මහා ලේකම් රසංජලි පතිරගේ මහත්මිය, ප්‍රසන්න කුරුප්පු මහතා, බ්‍රයන් සුසන්ත මහතා, පුෂ්පා රාමනායක මහත්මිය, අසංග පෙරේරා මහතා , ගයාත්‍රී නවරත්න මහත්මිය , නලින්ද නාගොල්ල මහතා යන පිලිරිස සහභාගී විය. එසේම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජනය කරමින් පැෆ්රල් සංවිදානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා ශා අයිරෙස් සංවිදානයේ මංජුල ගජනායක මහතාද සහභාගී විය.

මෙම සාකච්ඡාව තුළදී ආබාධ සහිත ප්‍රජාව ඔවුන්ගේ ආබධිතභාවය අනුව මැතිවරණයේදී මුහුණ දෙන සුවිශේෂී ගැටලුන් සහ පොදුවේ ඔවුන්ට මැතිවරණ ක්‍රියාවලියේදී අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය යාන්ත්‍රණයන් පිලිබඳ සාකච්ඡා කරන ලදී. ඒ යටතේ මැතිවරණ කොමිෂන් සභාව තුළ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අන්තර් කෙන්න්ද්‍රීය කමිටුවක් ස්ථපනය කිරීමේ වැදගත්කමත්, එම කමිටුවේ ස්වභාවය පිළිබඳවත් අදහස් දක්වන ලදී. අවසාන වශයෙන් කොමිෂන් සභාවේ සභාපතිතුමන්ගේ අදහස වුයේ එකී අන්තර්කෙන්ද්රීය කමිටුවේ, කාර්යයන් සහ එහි සැකැස්ම පිළිබඳව යෝජනාවන් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඒකාබද්ධ පෙරමුණේ නියෝජිතයින් එම නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කිරීමට එකඟ විය.

 

 

Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල