ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ. 

ජයග්‍රහණ

එක්ව නැඟී සිටිමු 

i. උද්දේශන සහ ලොබි කිරීම් හරහා ප්‍රතිපත්ති වෙනස් කිරීම

2016 පෙබරවාරි - අඛණ්ඩ ලොබි සහ උද්දේශනවල ප්‍රතිඵලයක් වශයෙන් 2016 දී ශ්‍රී ලංකා රජය ආබාධ සහිත පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UNCRPD) සහතික කිරීම.

2017 මාර්තු -2017 දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ප්‍රථමවරට ආබාධිත ආංශික ඡායා වාර්තාව (විශ්ව කාලාන්තර සමාලෝචනය) ඉදිරිපත් කිරීම. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා රජය විසින් ආබාධ සහිත පුද්ගලයන් නියෝජනය කරන ප්‍රධාන පාර්ශවකරු ලෙස ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) පිළිගනු ලැබීය.

2018 ජූනි - – Series of 2018 ජූනි - ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් මැතිවරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසම සහ ...................... (DIESL-TWG) අතර සාකච්ඡා මාලාවක් පැවැත්වීම. එහි ප්‍රතිඵලයක් ලෙස ආබාධිත තැනැත්තන්ට ඡන්දයකදී අවශ්‍ය පහසුකම් පිළිබඳ දත්ත එකතු කිරීම සඳහා ආබාධ සහිත ඡන්ද දායකයින්ගෙන් විස්තර එකතු කිරීමට පෝරමයක් බෙදා හැරීම. එසේම පළාත් හතරක නියමු සමීක්ෂණ පැවැත්වීම. DOJF DIESL-TWG සඳහා DOJF හි සභාපති 2018-2020 කාලය තුළ කැඳවුම්කරු ලෙස කටයුතු කිරීම.

2018 ජූනි - බිහිරි තැනැත්තන්ට ද තොරතුරු ලබා ගත හැකි පරිදි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට සංඥා භාෂා පරිවර්තන පහසුකම් ලබාදීමට කටයුතු කිරීම. (1919 ක්ෂණික ඇමතුම් අංකය) බිහිරි තැනැත්තන්ට ද ප්‍රවේශ වීමට හැකි පරිදි වීඩියෝ ඇමතුම් පහසුකම ස්ථාපිත කිරීම .

2018 අගෝස්තු - – Included two milestones (burning issues of Disability) into the National Action Plan of ‘Open Government Partnership’ coordinated by the Presidential Secretariat with line ministries and CSOs, which was facilitated by Transparency International.

2019 පෙබරවාරි - පාර්ලිමේන්තු පරිශ්‍රයට ආබාධ සහිත තැනැත්තන්ටද ප්‍රවේශ පහසුකම් සනාත කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ආබාධ සහිත තැනැත්තන්ට ද වාහන නැවැත්වීමේ ස්ථාන වෙන් කරන ලෙස ඉල්ලා සිටි අතර එය එම වසර තුළම යථාර්ථයක් බවට පත්වීම.

2019 මාර්තු - 2019 මාර්තු 21 වන දින සමාජසේවා අමාත්‍යාංශයේ පැවති අයවැය පිළිබඳ කරණු ලැබූ දැණුවත් කිරීමේ සාකච්ඡාවට අනුව ආබාධ සහිත පුද්ගලයින් සඳහා ලබාදෙන රුපියල් 5000ක දීමනාවේන් රුපියල් 100ක් මුදලක් කපාහැරීම පිළිබඳ දැනුවත් විය. එම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙකු සමඟ ලොබි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් එම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේ මතුකිරීමෙන් එම යෝජනාව අදාල මන්ත්‍රී වරයා ඉල්ලා අස්කර ගන්නා ලදිst of March 2019. As a result, the proposed monthly deduction of Rs.100/- from the Rs 5000 disability allowance was withdrawn.

2019 මාර්තු - -ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ඉල්ලීමක් පරිදි, පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරයේදී ආබාධ සහිත පුද්ගලයින් හැදින්වීමට භාවිතා කරන නම් සහ වචන භාවිතා කර සභා ගර්බයේ සිටින මන්ත්‍රීවරුන්ට බැන වැදීමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කළ අතර එය හැන්සාඩ් වාර්තාවටද ඇතුළත් විය.

2019 ජූනි - 2019 රජයේ අයවැයෙන් දීපව්‍යාප්ත ආබාධිත සමීක්ෂණයක් පැවැත්වීම සඳහා රජයේ අරමුදල් වෙන් කිරීමට යෝජනා කරන ලද අතර රජයේ අයවැයෙන් රජයේ අරමුදල් යෙදවීමේ නිර්ණායකයක් ලෙස ආබාධිතභාවය ඇතුළත් විය.

2019 සැප්තැම්බර් - පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී ආබාධ සහිත තැනැත්තන්ගේ ගැටළු මතු කරීම.

2019 ඔක්තෝබර් - ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධ ගැටලු සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UNCRPD) ශ්‍රී ලංකාවේ ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) 2019යේ පැවති ජනාධිපතිවරණ සමයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ අඛණ්ඩව සිදුකරණ ලද උද්දේශන වල ප්‍රතිඵලයක් වශයෙන් ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) විසින් ශ්‍රී ලංකාවේ එවකට ප්‍රමුඛ දේශපාලන පක්ෂ තුනේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට ආබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතා ඇතුළත් කිරීම. 

2020 ජනවාරි - 2019 වසරේ සමාජ සේවා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික සභාවේ (NCPD) නියෝජිතයින් සංඛ්‍යාව වැඩි කිරීමට ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණට හැකි විය.

2020 මාර්තු - – DOJF has been actively contributing for the formulation of Draft Disability Rights Bill (DDRB) in line with article 33 of UNCRPD. DOJS’s initial suggestions report was submitted regarding DDRB to the National Secretariat of Persons with Disabilities (NSPD) in 2020.

2020 අප්‍රේල් - ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 (COVID 19 ) ව්‍යාප්තියත් සමග නිරෝධායන ඇදිරිනීතිය පැවති සමයේ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ DOJF විසින් COVID ආබාධිත හදිසි මධ්‍යස්ථානයක් (COVID-DEC) පිහිටුවන ලදී. එහිදී අඛණ්ඩ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස රජය විසින් සමාජ සහන වශයෙන් බෙදා දෙන 5,000/- දීමනාව නොලැබූ ආබාධ සහිත තැනැත්තන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. ඒ හා සමානව, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ (DOJF) හි ඉල්ලීම මත, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මහ ලේකම් කාර්යාලය (NCPD) විසින් කොඳු ඇට පෙළේ ආබාධ සහිත පුද්ගලයින් 49 දෙනෙකුට ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය 193,140ක මුදලක් බෙදා දෙන ලදී. තවද, රූපවාහිනී නාලිකා හරහා සංඥා භාෂාවෙන් COVID ආශ්‍රිත ප්‍රවෘත්ති විකාශනය කිරීමට යෝජනා සිදු කළේය.

2021 සැප්තැම්බර් - රජය සමඟ පැවති අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ () 33 වැනි වගන්තිය ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයකම ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීමට කේන්ද්‍රීය ස්තානයක් පිහිටුවීම. එහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීමට කේන්ද්‍රීය ස්තානයක් පිහිටුවීම සහ ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN ප්‍රවෘත්ති) ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය ශ්‍රී ලංකාවේ වෙසෙන බිහිරි ප්‍රජාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරමින් සංඥා භාෂාවෙන් ප්‍රවෘත්තී ප්‍රකාශ කිරීම සදහා මැදිහත්වීම් සිදු කිරීම.

2021 ඔක්තෝබර් - – The DOJF has been invited for ‘Civil Society Consultation on the ‘Draft Report on the Community Based Corrections System in Sri Lanka’ by the Ministerial Consultant  Committee on Justice which was convened by Assistant Secretary General of Parliament in 2021. The DOJF is collaborating with National Democratic Institute (NDI) and Westminster Foundation for Democracy (WFD) in preparing suggestions for the above report.

ii. උපදේශන මට්ටමේ මැදිහත්වීම්

2020 දෙසැම්බර් - අධිකරණ අමාත්‍යාංශය පැවති ‘ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවට’ ආබාධ සහිත කාන්තාවන්ගේ සහ ආබාධ සහිත දරුවන්ගේ අයිතිවාසිකම් ඇතුළත් කරමින් යෝජනා ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) ලබාදීම.

2021 අප්‍රේල් - මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) "2022-2025 අන්තර්කරණ මැතිවරණ" සම්බන්ධ උපාය මාර්ගික සැලැසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා ලබා දීම.

III. අයිතිවාසිකම් දිනාගැනීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම

2017 අප්‍රේල් - –  දෘෂ්‍යාබාධිත තැනැත්තන් සහ බිහිරි සහ ශ්‍රවණාබාධිත තැනැත්තන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා සහාය වීමට කොළඹ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් රජයේ සහ පෞද්ගලික අංශයේ සංඥා භාෂා පරිවර්තක සහාය සේවාව සැපයීමට සංඥා භාෂා පරිවර්තන සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම. 2018 සිට ක්‍රියාත්මකවේ.

organisational-structure
Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල