ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ. 

පූර්ණ සාමාජිකත්වය

එක්ව නැඟී සිටිමු 

හැඳින්වීම

2001 දී පිහිටුවන ලද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධ සහිත සහ බුද්ධීමය ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරමින් රටපුරා විසිරි ඇති සාමාජික සංවිධාන 37කින් සමන්විත සංවිධාන ජාලයකි. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධානයකි. ආබාධ සහිත තැනැත්තන්ගේ ස්වාධීන ජීවිතයක් ගතකිරීමට අවැසි සාධාරණ සහ බාධාවලින් තොර සමාජයක් නිර්මාණයට අවශ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ලෙස ඒකාබද්ධව කටයුතු කිරීම මූලික අරමුණයි. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කවුන්සිලයේ විශේෂ උපදේශන බලය ලත් ආයතනය වේ.

පූර්ණ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වන්නේ කෙසේ ද?

ආබාධ සහිත ප්‍රජාවට පුළුල් සේවාවක් සැපයීම සහ ඔවුන් සවිබල ගැන්වීමේ අරමුණින් ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) නව සාමාජික සංවිධාන බඳවා ගැනීම ආරම්භ කර ඇත. ඔබේ සංවිධානය මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම්, සංවිධානය සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි විස්තරයක් ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ අංක 33, රජ මාවත, රත්මලාන යන ලිපිනයට එවන්න හෝ පහත සඳහන් සාමාජික අයදුම්පත්රාය පුරවා අදාළ ඇමුණුම් සහිතව අපට එවන්න.

සංවිධානයේ තොරතුරු සඳහන් කරන්න

Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල