ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ. 

ස්වේච්ඡා සේවකයෙකු

එක්ව නැඟී සිටිමු 

හැඳින්වීම

2001 දී පිහිටුවන ලද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධ සහිත සහ බුද්ධීමය ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරමින් රටපුරා විසිරි ඇති සාමාජික සංවිධාන 37කින් සමන්විත සංවිධාන ජාලයකි. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධානයකි. ආබාධ සහිත තැනැත්තන්ගේ ස්වාධීන ජීවිතයක් ගතකිරීමට අවැසි සාධාරණ සහ බාධාවලින් තොර සමාජයක් නිර්මාණයට අවශ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ලෙස ඒකාබද්ධව කටයුතු කිරීම මූලික අරමුණයි. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කවුන්සිලයේ විශේෂ උපදේශන බලය ලත් ආයතනය වේ.

ස්වේච්ඡා සේවකයෙකු ලෙස සම්බන්ධ වන්නේ කෙසේ ද?

ආබාධ සහිත ප්‍රජාවට පුළුල් සේවාවක් සැපයීම සඳහා ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීමේ අරමුණින් ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) නව ස්වේච්ඡා සේවකයින් බඳවා ගැනීම ආරම්භ කර ඇත. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) හට ඔබගේ කුසලතාවයන් සමඟින් සහාය වීමට ඔබ කැමති නම්, කරුණාකර ඔබගේ ජීව දත්ත පත්‍රය ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ, අංක 33, රජ මාවත, රත්වෙමලාන ලිපිනය හරහා යොමුකිරීමෙන් හෝ පහත අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න.

Mention your Skill set in the Message section

Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල