ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ,NDI සහ MyRight ආයතනයන්හි සහය ලබමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් පිළිබඳ පනත් කෙටුම්පත සහ සංඥා භාෂා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත කරවීමේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරලීමේ සහ ආබාධ සහිත තැනැත්තන්ගේ ගැටලූන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවේදීකරලීමේ වැඩසටහන වර්ෂ 2022 සැප්තැම්බර් මස 08වන දින බත්තරමුල්ල මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වන ලදි.

වැඩසටහනට සහභාගි වූ පිරිස අමතමින් ඒකාබද්ධ පෙරමුනේ සභාපති නිහාල් පරනගම මහතා හදුන්වාදීම සිදුකරන ලදි. ඉන් අනතුරුව ඒකාබද්ධ පෙරමුනේ මහලේකම්තුමිය වන රසාංජලී පතිරගේ මහත්මිය විසින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනතක සහ නීති ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය පිළිබඳව පහැදිලි කරන ලදි. ඒකාබද්ධ පෙරමුනේ හිටපු සභාපතිවරයෙකු වන සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් අමාත්‍යංශ මට්ටමින් ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධීකරණය සදහා කේන්ද්‍රීය ස්ථාන පිහිටුවීම සහ සම්බධීකරන සහ නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳව සභාවට පැහැදිලි කරන ලදි. ඒකාබද්ධ පෙරමුනේ සාමාජිකයෙකු සහ ජාතික සභාවේ සාමාජිකයෙකු වන ටිකිරි කුමාර ජයවර්ධන මහතා විසින් ආබාධ සහිත තැනැත්තන්ගේ කටයුතු සදහා ජාතික කොමිෂන් සභාවක අවශ්‍යතාවය පැහැදිලි කරන ලදි. ජාතික සභාවේ සහ ඒකාබද්ධ පෙරමුනේ සාමජිකයෙකු වන බ්‍රයන් සුසන්ත මහතා සභාව අමතමින් සංඥා භාෂා කෙටුම්පත පිළිබඳව අදහස් බෙදා ගන්නා ලදි.

මෙම වැඩසටහනට සියලු පක්ෂ නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22ක් සහභාගී වූහ. ඒ අතර හිටපු පාර්ලිමේන්තු කතානායක සහ හිටපු නියෝජ්‍ය කතානායක තුමන්ලාද වුහ. මෙම සාකච්ඡාවට භාජනය වූ පනත් කෙටුම්පත්වලට අවශ්‍ය පූර්ණ සහය පාර්ලිමේන්තුව තුල ලබා දෙන බවටත්, ඊට අමතරව ආබාධ සහිත තැනැත්තන්ගේ ගැටලු පිළිබඳව දැඩි අවදානය යොමු කරන බව ද සඳහන් කරන ලදී.

මෙම වැඩසටහනට NDI, USAID, IFES සහ MyRight යන ජාත්‍යන්තර සංවිධානවල දේශීය නියෝජිතයින්ද සහභාගී වූහ. එසේම PAFFREL සහ ශ්‍රි ලංකා පුවත්පත් ආයතන SLPI නියෝජිතයින්ද සහභාගී වූහ.

Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල