ශ්‍රී ලංකාවේ අන්තර්කරණයෙන් යුත් මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ඒකාබද්ධ පෙරමුණ විසින් රචිත මැතිවරණ අන්තර්කරණයේ අතුරු කතා නම් කෘතිය එළිදැක්වීම.

 

ශ්‍රී ලංකාවේ අන්තර්කරණයෙන් යුත් මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ඒකාබද්ධ පෙරමුණ විසින් රචිත මැතිවරණ අන්තර්කරණයේ අතුරු කතා නම් කෘතිය එළිදැක්වීම මෙන්ම අන්තර්කරණයෙන් යුත් මැතිවරණයක් සඳහා වන වාර්තාමය වීඩියෝපටය එළිදැක්වීම 2022 නොවැම්බර් මස 24 වන දින බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පවත්වන ලදී.

මෙහිදී අන්තර්කරණ මැතිවරණ ක්‍රියාවලිය තුළ එක් එක් ආබාධිත ප්‍රජාවන් මුහුණපාන ගැටලු පිළිබඳ, සුගත් වසන්ත ද සිල්වා මහතා, බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කු මහතා, ටිකිරි කුමාර ජයවර්ධන මහතා, පුෂ්පා රාමනායක මෙනෙවිය සහ මිහිමිත් (Little People) ප්‍රජාව වෙනුවෙන් දර්ශනී නානායක්කාර මහත්මිය අදහස් දක්වන ලදී.

ආරාධිත දේශනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවත්වන ලදී. අන්තර්කරණයෙන් යුත් මැතිවරණ ක්‍රියාවලියක් තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුදත් පිළිවෙත පිළිබද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සහ ප්‍රධාන අදහස් දැක්වීම මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සිදුකරන ලදී.

සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සමග විවෘත සාකච්ඡාව මෙහෙයවීම සහ අන්තර්කරණ ඡන්ද මධ්‍යස්ථානයක් පිළිබද පෙරහුරුව සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රීන් යාපා බොරලැස්ස මහතා සිදුකරන ලදී.

මැතිවරණ අන්තර්කරණය හා සබැඳි කෘතිය ජනගත කිරීම සහ වාර්තා වීඩියෝපටය එළිදැක්වීමේ අවස්ථාව සඳහා ඒකාබද්ධ පෙරමුණේ මහලේකම් රසාංජලි පතිරගේ මහත්මියගේ සමාරම්භක අදහස් දැක්වීමෙන් ආරම්භ විය. මැතිවරණ අන්තර්කරණය හා සබැඳි කෘතිය පිළිගැන්වීම ඒකාබද්ධ පෙරමුණේ ගරු සභාපති නිහාල් පරණගම මහතා සිදුකරන ලදී. ඉන් අනතුරුව වාර්තා වීඩියෝපටය එළිදැක්වීම සිදු කරන ලදී. NDI ආයතනය වෙනුවෙන් අදහස් දැක්වීම ජ්‍යෙෂ්ඨ නේවාසික අධ්‍යක්ෂිකා තුසිතා පිලපිටිය මහත්මිය,සිදු කරන ලදි. අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ශ්‍රීන් යාපා බොරලැස්ස මහතා ද, IRES ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහත්මා ශ්‍රී ලංකාවේ ස්ථාපිත මැතිවරණ සාහිත්‍ය පිළිබඳ විග්‍රහයක් ද, ප්‍රධාන දේශනය කොළඹ දිස්ත්‍රික් ලේකම් සහ තේරීම්භාර නිලධාරී ප්‍රදීප් යසරත්න මහත්මා විසින් සිදු කරන ලදී.

Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල