අන්තර්කරණයෙන් යුත් මැතිවරණක් සඳහා වූ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) NDI ආයතනය සමඟ එකතුව ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් මැතිවරණයක් සඳහා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය 2021 සැප්තැම්බර් මස ආරම්භ කරන ලද අතර වසරක කාලයක් පවතිනි.

 

මෙම ව්‍යාපෘතිය හරහා, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) සහ සාමාජික සංවිධාන නියෝජනය කරන සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලංකාවේ ජීවත්වන සමස්ත ආබාධ සහිත තැනැත්තන් ඡන්ද මධ්‍යස්ථාන වෙතට යාමේදී අවශ්‍ය භෞතික ප්‍රවේශය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගැනීම, මැතිවරණ තොරතුරු වෙත ප්‍රවේශ වීම, ආබාධ සහිත තැනැත්තන්ගේ ඡන්දදායක අධ්‍යාපනය ඉහල නැංවීම, ඇතුළුව ආන්තික කණ්ඩායම් මුහුණ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුවිය.

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) විසින් ශ්‍රී ලාංකීය සමාජය තුළ සිටින ආන්තික ජනතාව වෙත ආරෝපණය කර ඇති ගෝලීය දේශපාලන හා සමාජ-ආර්ථික ගතිකත්වයට එරෙහිව ක්‍රියාත්මක වීම තුළින් නව සමාජයක් බිහිකිරීමට මැදිහත් වනු ඇත. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ (DOJF) සහ අනෙකුත් ආබාධ සහිත සංවිධාන ඔවුන්ගේ පවතින ජාල භාවිතා කර ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCRPD) ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන්ගේ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

 

ව්‍යාපෘතියේ අරමුණු

 

  1. මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, මැතිවරණවලට සහභාගී වීම සහ උද්දේශනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද CSO ක්‍රියාකාරී කණ්ඩායම මෙහෙය වීම.

  2. මැතිවරණ ක්‍රියාවලියට අදාළව ආබාධ සහිත තැනැත්තන්ට සහ අනෙකුත් ආන්තික ප්‍රජාවන්ට බලපාන ප්‍රධාන මැතිවරණ ගැටලු හඳුනා ගැනීම.

  3. අන්තර්කරණය වූ මැතිවරණයක් සඳහා ආබාධ සහිත තැනැත්තන්ගේ දත්ත සහ උපායමාර්ග දැනුවත් කිරීම තුළින් මැතිවරණ පාර්ශවකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම.

  4. අන්තර්කරණයෙන් යුත් මැතිවරණයක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම.

  5. අන්තර්කරණය වූ මැතිවරණයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ඒකාබද්ධව පෙනී සිටීම සඳහා උප පොකුරු සාමාජිකයන් සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම.

Recent Posts
සිංහල