USAID IDEA ව්‍යාපෘතිය - 2021-2022

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්ව නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. "ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඇති ගැටලු විසඳීම සඳහා ජාතික මට්ටමේ සංසදයක් නිර්මාණය කිරීම සඳහා ආබාධ සහිත කාන්තාවන්ගේ සහභාගීත්වය ශක්තිමත් කිරීමෙ" මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය. USAID ජාත්‍යන්තර ආයතනය මඟින් මූල්‍ය දායකත්වය සපයනු ලබන අතර 2021 අගෝස්තු මස සිට වසරක කාලයක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

 

මෙම ව්‍යාපෘතියේ සමස්ත අරමුණ වන්නේ,
ආබාධ සහිත කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය අවම කිරීම සහ ආබාධ සහිත තැනැත්තන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, උපාය මාර්ගික සහ ක්‍රියාකාරී සැලසුම් මඟින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සිවිල් සමාජ සංවිධාන ශක්තිමත් කිරීමයි.

මෙම ව්‍යාපෘතිය මඟින්,
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ජාතික සහ පළාත් මට්ටමේ පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවම කිරීමට උපාය මාර්ග සම්පාදනය.
ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය සහ පුහුණුව වැඩි දියුණු කිරීම.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ ගැටලු වඩාත් හොඳින් විසඳීම සහ තිරසාර සබඳතාවයක් පවත්වා ගෙන යාම සඳහා ආබාධ සහිත කාන්තාවන්ට අවශ්‍ය ජාතික මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරීම.
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ බලාපොරොත්තු වේ. 

Recent Posts
සිංහල