IDEA -USAID ව්‍යාපෘතිය 2019-2020

 In අවසන් කරන ලද ව්‍යාපෘති

IDEA -USAID ව්‍යාපෘතිය 2019-2020

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ විසින් IDEA -USAID ව්‍යාපෘතිය USAID ආයතනයේ අනුග්‍රහය යටතේ 2019 අගෝස්තු මස 15 වන දින සිට 2020 අගෝස්තු මස 14වන දින දක්වා ක්‍රියාත්මකවේ. 

ප්‍රධාන අරමුණ

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම තුළින් ආබාධ තැනැත්තන් බලාත්මක කිරීම. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් කඩවීම් අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් පළාත් මට්ටමින් ක්‍රියාකාරී නිරීක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම තුළින් ජාතික තලයේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් කඩවීම් නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීම.

ව්‍යාපෘතියේ අභිමතාර්ත

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වර්ථමාන තත්ත්වයන් ඇතුලත් යුපීආර් වර්තාව සඳහා විකල්ප වාර්ථා සකස් කර යැවිය යුතුය. එහිදී ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ සිදුවීම් සහ උල්ලංගනය වීම් පිළිබඳ විශ්වාස වන්ත තොරතුරු ලබාගැනීමේදී ගැටලු පවතී. එයට හේතුව ශ්‍රී ලාංකේය ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට යාන්ත්‍රනයක් නොමැති වීමයි.

To make the reporting process more inclusive, evidence based and have a wider representation and response to rights violations, DOJF initiated human rights education, more specifically on the rights of PwDs including gender and create a vigilance network at District & Provincial level with the participation and partnership of DOJF member organizations network spread across the country.

මෙම ව්‍යාපෘතිය මඟින්

  1. ප්‍රාදේශීය මට්ටමින් වැඩමුළු පැවැත්වීම

ප්‍රාදේශිය මට්ටමේ වැඩමුළු පැවැත්වීම තුළින් ආබාධ සහිත කාන්තාවන් සහ ආබාධ සහිත තරුණ තරුණියන්ගේ මානව හිමිකම් රාමුව සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමක් සහ අධ්‍යාපනයක් ලබා දීම තුළින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කරන ලදි. මෙම වැඩ මුළු බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත් තුළ පැවැත් වූ අතර ඒ තුළින් ආබාධ සහිත තැනැත්තන් 56 දෙනෙකු පුහුණු කරණ ලදි.

  1. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සංඥා භාෂා පරිවර්ථනය ඇතුළත් වීඩියෝ පඨයක් නිර්මාණය කිරීම

වැඩමුළු සඳහා සහභාගීවන ශ්‍රව්‍යාබාධිත තැනැත්තන්ගේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිබඳ දැනුම වර්ධනය කිරීම සඳහා සහ ඔවුන් සමඟ පහසුවෙන් සන්නිවේදනය සිදුකරගෙන යාමට මෙම විඩියෝ පඨය සිංහල සහ දමිළ භාෂා උප සිරස සහිතව නිර්මාණය කර ඇත.

  1. DRMN වෙබ් පිටුව

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් නිරීක්ෂන පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පාළන පද්ධතියක් (DRMN) නිර්මාණය කිරීම. මෙම වෙබ් යෙදවුම සැළසුම් කිරීම සහ නිර්මාණය කිරීම අවසන් කර ඇති අතර පද්ධතිය පර්යේෂන මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

Recent Posts
සිංහල