ඒකාබද්ධ ක්‍රියාකාරකම් ව්‍යාපෘතිය මයිරයිට් (MY RIGHT)


මයිරයිට් (MY RIGHT) ඒකාබද්ධ ක්‍රියාකාරකම් ව්‍යාපෘතිය ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ව්‍යාපෘතිය ‍වේ. ‍මෙය 2015 - 2017 දක්වා වසර තුනක කාලයක් ද, 2018 - 2021 වසර තුනක කාලයක් ද, 2022 වසරක කාලයක් ද ක්‍රියාත්මක විය. 2023 වර්ෂය සඳහා මෙම ව්‍යාපෘතිය තව දුරටත් ඉදිරියට ගෙන යන ලදි. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සිදු කිරීම සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණට අයත් සාමාජික සංවිධානවල ධාරිතාව වැඩි දියුණු කිරීම තුළීන් ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය නීති රෙගුලාසි සහ ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය උද්දේශන කටයුතුවල නිරත වීම සහ කාර්යක්ෂමව අධීක්ෂණය යාන්ත්‍රණයක් සැකසීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණවේ. තවද මෙම ව්‍යාපෘතිය පහත සඳහන් අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක කරනු ලබයි. 

 

  1. බලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්භාවය වැඩි දියුණු කිරීම.
  2. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත නිතීගත කිරීම සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UNCRPD) අපරානුමත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
  3. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණට අයත් සාමාජික සංවිධානවල ධාරිතාව වර්ධනය කිරීම තුළින් ආබාධ සහිත තැනැත්තන්ට බලපාන නීතිරීති රෙගුලාසි සහ ප්‍රතිපත්ති බලාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම.
  4. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සහ සාමාජික සංවිධානවල ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සහ උද්දේශන හැකියාව වැඩිදියුණු කිරීම.
  5. ආබාධ සහිත තැනැත්තන් සඳහා (PWD) අවශ්‍ය අධ්‍යාපන සහ පුහුණු අවස්ථාවන් හඳුනා ගැනීම, වර්ධනය කිරීම. 

 

ඉහත දක්වා ඇති අරමුණු පෙරදැරිව ව්‍යාපෘති ක්‍රියාකාරකම් සැලසුම් කර ඇති අතර 2015 සිට වර්තමානය දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන ආබාධ සහිත තැනැත්ත්න්ගේ අයිතිවාසිකම් සහිත සමාජයක් නිර්මාණයට අවශ්‍ය කටයුතු මෙයින් සම්පාදනය කරනු ලබයි. එහිදී ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සාමාජික සංවිධානවල ධාරීතාව සංවර්ධනය කිරීම, ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය නීති ක්‍රියාත්මක කරවීම සහ ඒවා අධික්ෂණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමස්ත ආබාධ සහිත තැනැත්තන් ප්‍රතිලාභ ලබා දෙයි. පවතින දේශපාලන අධිකාරියත් සමඟ සමීපව සහයෝගීතාව වර්ධනය තුළින් ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය අයිතිවාසිකම් පිළිබඳ සංවේදී කිරීම සහ අයිතිවාසිකම් සපිරි සමාජයක් තැනීමට කටයුතු කිරීම මෙහි අරමුණයි.

Recent Posts
සිංහල